දැඩිමුණ්ඩ දේව කන්නලව්ව ගැන කවදාවත් නොවැසූ මේ දේවල් දැනගෙන දැඩිමුණ්ඩ දේව පිහිට ලබාගන්න
තෙද වරම් පස්වාන් දහසකට ශ්‍රී ලංකාද්වීපයට වැඩ අසුර බල බිඳ ජයඝෝෂා පතුරුවා බල පරාක්‍රමයෙන් අලුත්නුවර යහතින් වැඩවසන උතුම් වූ දැඩිමුණ්ඩ දෙවි මහ රාජෝත්තමයාණන් වහන්ස· තවද උග්ගල් අලුත්නුවරට වැඩ උක් හේනක් දැක ගල් වෙන්ඩ වරම්දී උග්ගල් අලුත්නුවර යන නාමයෙන්ද, මේ ලක්දිව කැටයාලක් තෙක් අස්වද්දවා මෙහි යකුන් යක්ෂණියන්ට සෙනෙවිරත් අධිකාරම් නමකින්ද· ඇම්බැක්කේ මහ දෙවොල අධිපතිව පුද පූජා ලබා ඇම්බැක්කේ දේවතා බණ්ඩාර යන නාමයෙන්ද, සඳුන් කුමාර ඌවේ බණ්ඩාර, මැණික් බණ්ඩාර, කීර්ති බණ්ඩාර යන නාමයෙන්ගෙන් ප්‍රසිද්ධව නවගමුවට, සබරගමුවට, උග්ගල් අලුත්නුවරට, කොස්ගමට, හුන්නස්ගිරියට අරක් ගෙන වැඩ වාසය කරන්නාවූ උතුම් සිද්ධ බල ඇති දැඩිමුණ්ඩ මහා රාජෝත්තමයාණන් වහන්ස· ඔබ වහන්සේට දොහොත් මුදුනේ තබා වැඳගෙන කියා සිටින කන්නලව්ව දිවැස් කරුණාවට ගෙන බලා වදාරා අප වෙත පැමිණ ඇත්තා වූ දෝෂාන්ධකාර දුරු කරනවා පිනට පිහිට වී පිං අනුමෝදන් වන සේක්වා· කීර්ති පස්වාන් දහසක් ආයු බොහෝ වේවා·
පහන් තැබීම – පූජා පැවැත්වීම(- 10 – 10 සිට 10.40 දක්වා පස්පාට මල්, නොඉඳුල් තැඹිලි තෙල් පහනක්, රිදී පඬුරක්, කහ දියර, දුම්මල.
දැඩිමුණ්ඩ දේව ස්තෝත්ර
සම්බුද්ධ හක්ත කකුධා දීප හස්තියාන
දුෂ්ටාරි දර්ප මද භාජන තේජධීර
භෂ්මාවතාර දෘඪ බන්ධ මහානුභාව
හේ දෙව මාං කරුණයාවත රක්ෂ රක්ෂ.
ක්‍රමය (- මෙතුමාගේ පිහිට පතන අය ඉහත කී අනෙක් දෙවියන් වහන්සේලාට මෙන්ම පිරිය යුතු ප්‍රතිපත්ති එසේම කළ යුතුයි.
වැඩිදුර විස්තර සඳහා 072-3559768 අංකය අමතන්න.
ජ්‍යෙතිෂවේදී – රංජන් සිසිර කුමාර
සටහන – ධම්මික හේවාවසම්
Comments
Post a Comment