ඉක්මනින් සුව කළ නොහැකි රෝග පවා හැදෙන ක්ෂණික ආහාර ගැන මේ දේවල් ඔබ දැන සිටියාද?

මානවයාගේ දිවි පැවැත්ම උදෙසා අත්‍යවශ්‍ය සාධක අතුරින් ආහාර උදෙසා ලැබෙනුයේ ප්‍රමුඛ ස්ථානයකි. මන්ද ශරීර සෞඛ්‍ය මනාව පවත්වාගෙන යනු වස් ආහාර තුළින් ලැබෙනුයේ නොමඳ පිටුවහලකි. කාර්යය බහුල දිවි පෙවෙතක් ගත කරන මිනිසා තමන්ගේ ආහාර වේල සඳහා ලබා දෙන අවධානය අඩු වෙත්ම තම කුසට දැනෙන කුසගින්න පමණක් නිවා ගනු වස් භාවිතා කරනුයේ ක්ෂණික ආහාර නැතහොත් Fast Food ය. වැදගත්ම කරුණ නම් බොහෝ පුද්ගලයන් ශරීරයට සිදුවන අහිතකර තත්ත්වය පිළිබඳව දැන දැනම ක්ෂණික ආහාර කෙරෙහි ගිජු බවක් දක්වන බැව්ය. බොහෝ ක්ෂණික ආහාරවල අධික පිෂ්ඨය, මේදය හා කැලරි අඩංගු වීම තුළින් ශරීරයට ලැබෙන ප්‍රතිඵලය අයහපත් බැව් නොරහසකි. ක්ෂණික ආහාර යන නාමය ඉතාම කෙටි වේලාවක් තුළ පිළියෙල කරගත හැකි ආහාර සඳහා යොදාගත හැකි නමයක් වන අතර බොහෝ විට මෙම ක්ෂණික ආහාර පෙර පිසින ලද ආහාර වේ.බටහිර රටවල ජනගහණයෙන් 60% ක් පමණ ජනයා ව්‍යාධියන්ට පත් කරනු ලබන ස්ථුලතාවය කෙරෙහි බලපානු ලබන ප්‍රධාන සාධකයක් ලෙස අද වන විට ක්ෂණික ආහාර පත්ව ඇත. ඇමරිකා එක්සත් ජනපදයෙහි ද ජනයා ස්ථුලභාව නිසාවෙන් පීඩාවට පත් වී සිටින අතර, එරට සෞඛ්‍ය සඳහා යන වියදමෙන් 21% ක් වැය කරනුයේ ස්ථුලභාව සඳහා වන ප්‍රතික...