ජීවිතය කාලයටම ඔබේ සමේ පැහැය රැක ගන්න ඕනෙ නම් මේ අගනා උපදෙස් පිළිපදින්න
තමන්ගේ සමේ පැහැය ගැන වැඩිපුර හිතන්න අද තරුණ තරුණයන් පෙළබි ඇති නිසාදෝ අද වෙළදපොලේ ෆෙයාර්නාස් ක්‍රීම් වලට තියෙන්නේ හොද ඉල්ලුමක්.නිතර දෙවේලේ ක්‍රීම් තට්තුවකින් සම ආවරණය කරාට හිතන තරම් පැහැපත් බවක් දැකගන්නට නොලැබෙනකොට බොහෝවිට ඔවුන් කලකිරීමට පත්වෙනවා.
සමේ පැහැය තීරණය වන්නේ ශරීරයේ විශාලතම අවයවය වන සමේ තැන්පත්ව ඇති මෙලනින් වරනකාරකයයි. මෙලනින් වැඩි ප්‍රමාණයක් සම තුල පවතීනම් ඔවුන්ගේ සම තරමක් තද පැහැති බවක් ගන්නවා.මේ නිසා ක්‍රීම් වලට තනිකරම සමේ පැහැය වෙනස් කිරීම පවරන්න නොහැකියි.සමේ පැහැය ගැන සැලකිලිමත් වෙන තරමට සම පිරිසිදු කරගැනීම ගැනත් සැලකිල්ලක් දක්වන්න ඕනේ.සම ක්ලීන් කරනවා කියල අපි කියන්නේ සම හොදින් පවිත්‍ර කිරීමටයි. සම දිනපතා අපවිත්‍ර වන අවයවයක්.දහදිය,තෙල්,කුණු,දුහුවිලි නිරන්තරයෙන් සම මත තැන්පත් වනවා. දහදිය සමග පවතින ලුණු හිරු එළියේ සිටින ඔබගේ සම තරමක් අදුරු බවට පත්කරනවා.
සම පිරිසිදු කරන්න සබන් වලට වඩා වඩාත් සුදුසු දියර සබන් වර්ගයක් තෝරාගැනීමයි.ෆෙෂල් වොෂ් මගින් ඇතිකරන පෙන සබන් වලට වඩා මෘදු ලෙස සම පිරිසිදු කර කුණු සම මතින් ඉවත්කරනවා.ක්ලේන්සින් ක්‍රීම් වර්ගයක් දිනකට එක් වතාවක් පමණ භාවිතා කිරීමෙන් සැමට කාවැදුණු දූවිලි,කුණු ඉවත් කරගැනීමට හැකියි.
ඇතැමුන් සිතන්නේ මේවා දිනපතා ගැලවීම නුසුදුසු බවයි.නමුත් පිරිසිදුකාරකයක් පමණක් වන මේවා සමට අහිතකර වන්නේ තමන්ගේ සැමට නොගැලපෙන වර්ග තොරගත්විට පමනයි.සමේ ස්වභාවය හදුනාගෙන ඊට ගැලපෙන නිෂ්පාදන වලින් මෙවැනි දේ තෝරාගැනීම වැදගත් .සම ක්ලීන් නොකළ විට සම තුලට කාවැදුණු දුවිලි,තෙල් රැඳීම නිසා සම මත ඇක්නි,කුරුලෑ,වයිට් හෙඩ්ස්,බ්ලැක් හෙඩ්ස් ඇතිවෙන්න පුළුවන්.එසේ සිදුවන්නේ සම ක්ලීන් කිරීමෙන් නොව එසේ නොකිරීමෙන් බව මතකතබාගන්න.සමේ පැහැය ගැන සිතන ඔබ සීමා කලයුතු ආහාර පවතිනවා.අහාර රස කරන රසායනිකයන් සමේ පැහැය නැතිකරන සතුරන් වේ.රුවට හානි කරන ලෝකයේ සිටින ප්‍රදනතම සතුරන් ලෙස ලුණු සීනි හා පාන් පිටි බව ඔබ දන සිටිය යුතුමයි.රසායනික ද්‍රව්‍ය අඩඟු අහාර කී විට ටින් කල කෑම කෝඩියල් වර්ග, පැණි බීම , පැකට් කළ කෙටි කෑම වර්ග සියල්ලක්ම ඔබේ සමේ පැහැයට විරුද්ධව ක්‍රියා කාරී වෙනවා . ඔබේ සමේ නියම පැහැය ඔබේ පපු පෙදෙසේ ඇති පැහැය වන නිසා ඔබේ අත් පා මුහුණේ සම අව පැහගැන්වී ඇත් නම් විරංජක බ්ලීචින් ක්‍රීම් වර්ගයක් තවරා මතුපිට තියෙන අවපැහැය ඉවත් කල හැක. නමුත් එය සමට අහිතකර වේද නැද්ද යන්න පළමුව පරීක්ෂා කිරීම වැදගත් සුදුසුකම් ලත් විශේෂඥ දැනුම සහිත රූපලාවන්‍ය ශිල්පියෙකු ලවා නිසි පරීක්ෂාවකින් පසුව එවැනි දේ සිදුකර ගැනීම අසද්මිකතා වලින් පසුවට ඇති විය හැකි අතුරුපල වළක්වා ගැනීමට හැක.
සමාන්‍යයෙන් ඉරමුසු ,රණවරා, පොල්පළා, කොත්තමල්ලි, පැණි කොමඩු, ඇපල් වැනි ආහාර නිතර ලබාගැනීම, ලුණු අධික ආහාර සීමා කිරීම, ක්‍රීම් වර්ග තවරා හිරු එළියේ ගමන් නොකිරීම ( සන්ස් ක්‍රීම් හැර) වැනි දේ කිරීමෙන් සමේ පැහැය ආරක්ෂාවේ. සම පිරිසිදු කර නිසි සමබල ආහාර වේලක් ලබාගැනීමෙන්, ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමෙන් ලස්සන සමක් ඇතිකර ගැනීම එතරම් අසීරු කරුණක් නොවේ. උත්සහ කලයුත්තේ පවිත්‍ර නීරෝගී සමක් පවත්වා ගැනීමටයි. එවිට ඔබ බලාපොරොත්තු වන පැහැය ලබා ගැනීම අසීරු නොවේ.
Comments
Post a Comment