Posts

Showing posts from December, 2017

ඉක්මනින් සුව කළ නොහැකි රෝග පවා හැදෙන ක්ෂණික ආහාර ගැන මේ දේවල් ඔබ දැන සිටියාද?

Image
මානවයාගේ දිවි පැවැත්ම උදෙසා අත්‍යවශ්‍ය සාධක අතුරින් ආහාර උදෙසා ලැබෙනුයේ ප්‍රමුඛ ස්ථානයකි. මන්ද ශරීර සෞඛ්‍ය මනාව පවත්වාගෙන යනු වස් ආහාර තුළින් ලැබෙනුයේ නොමඳ පිටුවහලකි. කාර්යය බහුල දිවි පෙවෙතක් ගත කරන මිනිසා තමන්ගේ ආහාර වේල සඳහා ලබා දෙන අවධානය අඩු වෙත්ම තම කුසට දැනෙන කුසගින්න පමණක් නිවා ගනු වස් භාවිත‍ා කරනුයේ ක්ෂණික ආහාර නැතහොත් Fast Food ය. වැදගත්ම කරුණ නම් බොහෝ පුද්ගලයන් ශරීරයට සිදුවන අහිතකර තත්ත්වය පිළිබඳව දැන දැනම ක්ෂණික ආහාර කෙරෙහි ගිජු බවක් දක්වන බැව්ය. බොහෝ ක්ෂණික ආහාරවල අධික පිෂ්ඨය, මේදය හා කැලරි අඩංගු වීම තුළින් ශරීරයට ලැබෙන ප්‍රතිඵලය අයහපත් බැව් නොරහසකි. ක්ෂණික ආහාර යන නාමය ඉතාම කෙටි වේලාවක් තුළ පිළියෙල කරගත හැකි ආහාර සඳහා යොදාගත හැකි නමයක් වන අතර බොහෝ විට මෙම ක්ෂණික ආහාර පෙර පිසින ලද ආහාර වේ.බටහිර රටවල ජනගහණයෙන් 60% ක් පමණ ජනයා ව්‍යාධියන්ට පත් කරනු ලබන ස්ථුලතාවය කෙරෙහි බලපානු ලබන ප්‍රධාන සාධකයක් ලෙස අද වන විට ක්ෂණික ආහාර පත්ව ඇත. ඇමරිකා එක්සත් ජනපදයෙහි ද ජනයා ස්ථුලභාව නිසාවෙන් පීඩාවට පත් වී සි‍ටින අතර, එරට සෞඛ්‍ය සඳහා යන වියදමෙන් 21% ක් වැය කරනුයේ ස්ථුලභාව සඳහා වන ප්‍රතික...

ඔබේ ඉණ අඟල් 40ට වැඩි නම් ඔබටත් මෙන්න මේ රෝගය හැදෙන්න පුළුවන් දැන්ම දැනුවත් වෙන්න

Image
ඔබ පිරිමියෙක් වුවත් කාන්තාවක් වුවත් ඉන් කම් නැත. වහාම ඔබගේ ඉණේ වට ප්‍රමාණය මැන බලන්න. පිරිමියෙකු නම් ඉණේ් වට ප්‍රමාණය අඟල් 40කට වැඩි නම් හා කාන්තාවක් නම් අඟල් 35කට වැඩි නම් වඩාත් කල්පනාකාරී විය යුතුය. මන්ද අනාගතයේ කෙදිනක හෝ ඔබ ආඝාත රෝගියෙකු බවට පත් වීමේ බරපතළ අවදානමක ලක්ෂණ ඔබේ ඉණේ් මිම්මේ සැඟව ඇත. එම ලක්ෂණය පමණක් නොව ඔබ අධිරුධිර පීඩනයෙන් පෙලෙන පුද්ගලයෙක් නම් එයද ආඝාත රෝගියෙකු බවට පත් වීමේ බරපතළ අවදානම් සාධකයකි. දැනටමත් ඔබ එවැනි රෝග ලක්ෂණ සහිතව දිවිගෙවන්නේ නම් ඒ පිළිබඳ මනා අවධානයෙන් පසු වීම හා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුව එය පාලනය කර ගැනීම වඩාත් වැදගත්ය. එම රෝග ලක්ෂණයන් දැනගත් පසුව ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර වෙත ඔබට යොමු විය හැකිය. ඒ සඳහා ඔබට කාලයක් ඇත. එහෙත් හිටි හැටියේම ඔබ සිනහ වෙන විට කට ඇද වේ නම්, අත ඔසවන විට අත පණ නැති වේ නම් කතා කරන විට වචන පැට‍ලේ නම් වහාම ක්‍රියාත්මක විය යුතුය. එවැනි රෝග ලක්ෂණයන් මතු වන්නේ රෝගය වැලඳීමේ අවදානම් සාධකයන් ලෙස නොව, ආඝාත රෝගය වැලඳුනු පසුවය. මෙවැනි රෝග ලක්ෂණයක් ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුගෙන් දුටුව හොත් ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක විය යුතුය. රෝගියාව වහාම ...

පිරිත් පොත් වහන්සේ තුළ තියෙන්නේ බුද්ධ දේශනාවද? පිරිත් පොතේ වහන්සේ ගැන ඔබ දැනගත යුතු වටිනා කරුණු මෙන්න

Image
පිරිත් දේශනා කිරීම බුද්ධ කාලයේ සිටම පැවත එන්නක් බවත්, එමඟින් එවක සමාජය මනා ඵල ප්‍රයෝජන ලැබූ ආකාරයත් කොටසක් ලෙස පසුගිය සතියේ විස්තර කළෙමු. අතීතයේ අද මෙන් විසිතුරු මණ්ඩපවල පිරිත් දේශනා කරන ලද අවස්ථා විරලය. ඒ කාලයේ බොහෝ විට අවශ්‍යතාව අනුව ඒ ඒ ස්ථානවලට භික්ෂූන් වහන්සේලා වැඩම කොට භික්ෂූන් වහන්සේලා වටවී රෝගියෙක් උදෙසා නම් රෝගියා මැද්දේ තබාගෙන පිරිත් දේශනා කර ඇත. පසු කාලීන වෙද්දී විසිතුරු සැරසිලි නිර්මාණ කළ පිරිත් මණ්ඩපවලදී පිරිත් දේශනා කිරීම ඇරඹී ඇත. මණ්ඩපය බාහිර අලංකාරයට කොයිතරම් දේශීය හෝ සම්ප්‍රදායික නිර්මාණ එකතු කළත් එහි අභ්‍යන්තරය සැරසීමට යොදා ගන්නා සෑම දෙයක් තුළින්ම කිසියම් ගැඹුරු අර්ථයකට යා හැකිය. ඒ පිළිබඳ ඉදිරියේදී කතා කරනු ලැබේ. පිරිත් දේශනා කිරීම ලංකාවට පැමිණියේ අනුරාධපුර යුගයේදීය. ලංකාවේ ආර්ය ජනාවාස ඇතිවූ තැන පටන් පිරිත් ආභාසය තිබුණු බවට සාධක හමුවේ. එයට හොඳම උදාහරණය වන්නේ විජය කුමාරයා ඇතුළු පිරිස ලංකාවට එන විට විෂ්ණු දෙවියකු බමුණු වේෂයක් මවාගෙන පැමිණ පිරිත් පැන් ඉස පිරිත් නූල් ගැටගසා ඔවුන්ට ආශිර්වාද කිරීමය. ඒ අනුව පිරිත් පැන්, පිරිත් නූල මේ සියලු ආභාසය ලංකාවේ ස්ථාපනය වූයේ අන...

පිළිස්සුණු කසිප්පු ජාවාරම්කාරයාගේ ඇග හිරිවැටෙන මේ කතාව ඔබත් දැනගන්න

Image
ජීවිතයට යහ මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි. සාලියපුර පානියන්කඩවල ​රොබට් මුතුනායක මහතා ලියා එවූ කතාවක් මෙසේය. ගිනි වතුර… මොහු රජ රටට නුදුරු ග්‍රාමයක පදිංචිව සිය අඹු දරුවන් සමඟ ජීවත් වූ අතර රැකියාව වශයෙන් හොර මත් පැන් ​ෙපරීම කාලයක සිටම පුරුද්දක් වශයෙන් කළේය. සතියකට හොර මත් පැන් වඩි දෙකක් පමණ පෙරන අතර අලෙවි කිරීම සිදු කෙරුණේ සිය නිවෙසේ බිරිඳ විසින්මය.උදෑසන සිට රැය මැදියම් වනතුරු පැමිණෙන පාරිභෝගිකයන්​ෙග් අවශ්‍යතාව ඉටු කිරීම ඇය සේවයට කැපවී සිටියාය. මෙම අඹු සැමි යුවළ ජාඩියට මූඩිය වාගේ යැයි ගම්මුන් අතර ප්‍රචලිත කියමනක් ද විය. නිතරම මෙම නිවෙස දෙසින් අැසෙන තොර තෝන්චියක් නැති කරච්චලය ද අසල් වැසියන්ට හිරිහැරයක් වූවාද නොවේ. පොලිසිය විසින් නිතර නිතර කරන ලද වැටලීම්වල ප්‍රතිඵලයක් සේ පොලිසිය සිර මැදිරිය. බන්ධනාගාරය, උසාවි අධිකරණය යන මේවා මොවුන්ගේ ජීවිත සමග එකට බැඳී තිබිණ. එම ස්ථාන ද මොවුන්ට තම නිවෙස මෙන් සුපුරුදු තැන්ය. මෙම ගිනි වතුර ජාවාරම හේතු කොටගෙන මෙම ප්‍රදේශයේ අඹු සැමි ආරවුල් පැන නැඟී අතර ඇතැම් මවුවරුන් තම දරු පැටවුන් පවා කුස ගින්නේ රඳවා ගනිමින් දෙස් ​ද...

දැඩිමුණ්‌ඩ දේව කන්නලව්ව ගැන කවදාවත් නොවැසූ මේ දේවල් දැනගෙන දැඩිමුණ්‌ඩ දේව පිහිට ලබාගන්න

Image
තෙද වරම් පස්‌වාන් දහසකට ශ්‍රී ලංකාද්වීපයට වැඩ අසුර බල බිඳ ජයඝෝෂා පතුරුවා බල පරාක්‍රමයෙන් අලුත්නුවර යහතින් වැඩවසන උතුම් වූ දැඩිමුණ්‌ඩ දෙවි මහ රාජෝත්තමයාණන් වහන්ස· තවද උග්ගල් අලුත්නුවරට වැඩ උක්‌ හේනක්‌ දැක ගල් වෙන්ඩ වරම්දී උග්ගල් අලුත්නුවර යන නාමයෙන්ද, මේ ලක්‌දිව කැටයාලක්‌ තෙක්‌ අස්‌වද්දවා මෙහි යකුන් යක්‍ෂණියන්ට සෙනෙවිරත් අධිකාරම් නමකින්ද· ඇම්බැක්‌කේ මහ දෙවොල අධිපතිව පුද පූජා ලබා ඇම්බැක්‌කේ දේවතා බණ්‌ඩාර යන නාමයෙන්ද, සඳුන් කුමාර ඌවේ බණ්‌ඩාර, මැණික්‌ බණ්‌ඩාර, කීර්ති බණ්‌ඩාර යන නාමයෙන්ගෙන් ප්‍රසිද්ධව නවගමුවට, සබරගමුවට, උග්ගල් අලුත්නුවරට, කොස්‌ගමට, හුන්නස්‌ගිරියට අරක්‌ ගෙන වැඩ වාසය කරන්නාවූ උතුම් සිද්ධ බල ඇති දැඩිමුණ්‌ඩ මහා රාජෝත්තමයාණන් වහන්ස· ඔබ වහන්සේට දොහොත් මුදුනේ තබා වැඳගෙන කියා සිටින කන්නලව්ව දිවැස්‌ කරුණාවට ගෙන බලා වදාරා අප වෙත පැමිණ ඇත්තා වූ දෝෂාන්ධකාර දුරු කරනවා පිනට පිහිට වී පිං අනුමෝදන් වන සේක්‌වා· කීර්ති පස්‌වාන් දහසක්‌ ආයු බොහෝ වේවා· පහන් තැබීම – පූජා පැවැත්වීම(- 10 – 10 සිට 10.40 දක්‌වා පස්‌පාට මල්, නොඉඳුල් තැඹිලි තෙල් පහනක්‌, රිදී පඬුරක්‌, කහ දියර, දුම්මල. දැඩිමුණ්‌ඩ ...

ජීවිතය කාලයටම ඔබේ සමේ පැහැය රැක ගන්න ඕනෙ නම් මේ අගනා උපදෙස් පිළිපදින්න

Image
තමන්ගේ සමේ පැහැය ගැන වැඩිපුර හිතන්න අද තරුණ තරුණයන් පෙළබි ඇති නිසාදෝ අද වෙළදපොලේ ෆෙයාර්නාස් ක්‍රීම් වලට තියෙන්නේ හොද ඉල්ලුමක්.නිතර දෙවේලේ ක්‍රීම් තට්තුවකින් සම ආවරණය කරාට හිතන තරම් පැහැපත් බවක් දැකගන්නට නොලැබෙනකොට බොහෝවිට ඔවුන් කලකිරීමට පත්වෙනවා. සමේ පැහැය තීරණය වන්නේ ශරීරයේ විශාලතම අවයවය වන සමේ තැන්පත්ව ඇති මෙලනින් වරනකාරකයයි. මෙලනින් වැඩි ප්‍රමාණයක් සම තුල පවතීනම් ඔවුන්ගේ සම තරමක් තද පැහැති බවක් ගන්නවා.මේ නිසා ක්‍රීම් වලට තනිකරම සමේ පැහැය වෙනස් කිරීම පවරන්න නොහැකියි.සමේ පැහැය ගැන සැලකිලිමත් වෙන තරමට සම පිරිසිදු කරගැනීම ගැනත් සැලකිල්ලක් දක්වන්න ඕනේ.සම ක්ලීන් කරනවා කියල අපි කියන්නේ සම හොදින් පවිත්‍ර කිරීමටයි. සම දිනපතා අපවිත්‍ර වන අවයවයක්.දහදිය,තෙල්,කුණු,දුහුවිලි නිරන්තරයෙන් සම මත තැන්පත් වනවා. දහදිය සමග පවතින ලුණු හිරු එළියේ සිටින ඔබගේ සම තරමක් අදුරු බවට පත්කරනවා. සම පිරිසිදු කරන්න සබන් වලට වඩා වඩාත් සුදුසු දියර සබන් වර්ගයක් තෝරාගැනීමයි.ෆෙෂල් වොෂ් මගින් ඇතිකරන පෙන සබන් වලට වඩා මෘදු ලෙස සම පිරිසිදු කර කුණු සම මතින් ඉවත්කරනවා.ක්ලේන්සින් ක්‍රීම් වර්ගයක් දිනකට එක් වතාවක් පමණ භාවිතා...

ඔබේ ජීවිතය ජය ගන්න මහා බුදු ගුණ පිරි සත්‍ය ක්‍රියා මෙන්න ඔබත් මේ වටිනා කරුණු වැදගත් වේවි

Image
අප සියලු දෙනා සාමාන්‍ය මිනිසුන් ලෙස හැසිරුණත් අපගේ සිත් පිරී ඇත්තේ කොයිතරම් මහන්තත්වයකින්ද…? ඔබගේ චරිතය දෙස දවසක් ඔබම බලා සිටින්න. අප කොයිතරම් උඩඟු පුද්ගලයන්දැයි ඔබට ද සිතා ගත නොහැකි වනු ඇත. අනන්ත සසර පුරා දුක් විඳිමින් අප රැගෙන ආවේ මේ මමත්වය නොවේද…? ඒ ගැන සිතා දැන්වත් අප ධර්ම මාර්ගයේ උතුම් අරමුණු පෙරදැරිව යායුතු නොවේද…? ඒ සඳහා අපට මඟ පෙන්වා දුන්නේ ඒ මහා සම්මා සම්බුද්ධයාණන් වහන්සේය. අද අපට ඒ මහා ගුණ කඳ සිහිපත් කරදෙනුයේ පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝය. ඔබගේ ජීවිතයේ ප්‍රශ්න ජයගැනීම සඳහා ඒ මහා බුද්ධ බලය සහ ඔබේ කුසලය එක් කරගත් සත්‍ය ක්‍රියාවක් ද උන්වහන්සේ අපට මෙවර සිහිපත් කර දෙන්නෝය. සක්විති රජ පදවිය ලබන කෙනා පවා චතුරාර්ය සත්‍යාවබෝධය ලබා ගන්නා තුරු සතර අපා දුකින් නිදහස් නො වේ. අපත් කී වාරයක් නම් සක්විති රජවරු වෙන්නට ඇද්ද? ඒ සක්විති රජවරුන්ට තිබූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කිසිවක් දැන් අපට නැත. අපි කලාතුරකින් දෙව්ලොවටත්, බඹලොවටත් ගියෙමු. මිනිස් ලොවට ආවෙමු. තිරිසන් අපායේ ගත කළ කාලය කොතරම් දිගු දැයි කවුරු නම් දනිත් ද? ප්‍රේත ලෝකයේ නිරයේ දුක් විඳි කාලය කොතරම් දිගු දැයි කවුරු නම් දනිත් ද...

ග්‍රහ අපල දුරු කරගන්න මෙන්න මේ බලගතු ක්‍රම ගැන ඔබත් දැනුවත් වෙන්න

Image
කාලයෙන් කාලයට අප වෙත උදාවන ග්‍රහචාරවලට අනුව අපට අපල ගෙන දෙන යම් ග්‍රහයෙක්‌ වේ ඒ පිළිබඳ බිය නොවී එකී ග්‍රහඅපලය දුරුකර ගත හැකි නවග්‍රහ පූජාවක්‌ ඔබ වෙත ඉදිරිපත් කරන අතර අපල කාලය උදාවන තෙක්‌ බලා නොසිට පහත සඳහන් ආකාරයට අදාළ දිනයන්හි එම නවග්‍රහ පූජාවල නිරත වීමෙන් තම තමන් වෙත බලපාන්නා වූ අපල දුරුකර ගනිමින් සහනයෙන් ජීවත් වීමේ හැකියාව ඔබ වෙත උදාවනු ඇත. රවි අපලයට ඉරිදා දිනයේ රවි හෝරාවෙන් උදේ 6-7 අතර හෝ රාත්‍රී 8-9 අතර බෝධියේ නැගෙනහිර දිශාවේ සිට රවි අධිපති ඊශ්වර දෙවියන්ට ඕලු, මානෙල් මල් තල තෙල් පහන් පූජා කර පිං දී පහත දැක්‌වෙන ස්‌තෝත්‍රය 21 වරක්‌ ගායනා කර සෙත ප්‍රාර්ථනා කරන්න. බන්ධක පුෂ්ප සංකා රක්‌තෝත්පල සම්ප්‍රභෝ ලෝක නාථ ජගදිස ශාන්තිං යච්ඡ ප්‍රභාකර සඳු අපලයට සඳුදා දිනයේ සඳු හෝරාවෙන් උදේ 6-7 අතර හෝ රාත්‍රී 8-9 අතර බෝධියේ වයඹ දිශාවේ සිට සඳු අධිපති පත්තිනි මෑණියන්ට කහ පැහැති මල් සමඟ ගිතෙල් පහන් පූජාකර පිං දී චන්ද්‍ර ස්‌තෝත්‍රය 21 වරක්‌ ගායනා කර සෙත ප්‍රාර්ථනා කරන්න. ශං බකුන්ද මෘණ ලාභං කාශ පුෂ්ප සමද්යුතෙ ශශංක රෝහිණි භක්‌ත සදා ශාන්ති ප්‍රයච්ඡමේ කුජ අපලයට අඟහරුවාදා දිනයේ කුජ හ...

ඇපල් මිදිවලටත් වස ගහනවද? ඇග හිරි වැටෙන හෙළිදරව්වක් මෙන්න

Image
පැ‍පොල්, අඹ, කෙසෙල් වැනි පලතුරක් මිලදී ගැනීමේදී ඒවාට කාබයිට් ගසා ඇත්දැයි කියා හෝ විමසා බැලීමට පුරුදුව සිටින අප ඇපල්, මිදි මිලදී ගැනීමේදී දිගු දුර නොබලන්නේ ඒවා විදේශයන්ගෙන් ගෙන ඒම නිසාය. එහෙත් ඇපල්, මිදි, දොඩම් වැනි ආනයනික පලතුරු පිළිබඳ දැන් දැන් අසන්නට ලැබෙන්නේ එතරම් හොඳ පුවතක් නොවේ. එබැවින් මෙරටට ගෙන එන ඇපල්, මිදි වැනි පලතුරුවල ප්‍රමිතීන් පිළිබඳ එක් එක් ආයතනවලින් විමසා සිටින්නට අප තීරණය කළෙමු. ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් මේ පිළිබඳව විමසා සිටියෙමු. එහි වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්, නයනා සතරසිංහ පැවැසුවේ පලතුරු ආනයනය සම්බන්ධව තම ආයතනය ක්‍රියා නොකරන බවයි. අපිට අයිති ආහාර වර්ග 123 අතර ආනයනික පලතුරු ඇතුළත් නැහැ. මේ පිළිබඳව ක්‍රියාත්මක වන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇය පවසන ආකාරයට ආහාර හා වෙනත් ද්‍රව්‍ය පිළිබඳව ප්‍රමිතියක් ලබා දීමට සිටින ආයතනය වන ප්‍රමිති ආයතනයද ඒ සඳහා වග නොකියන බවක්් අපට හැඟෙයි. එසේ නම් ආනයනික පලතුරු පිළිබඳ වගකීම පැවැරෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටදැයි අප එයින් විමසීමක් කළෙමු. එහිදී අපට දැන ගන්නට ලැබුණේ කටුනායක පිහිටි ජාතික ශාක නිරෝධායන සේවය මේ පිළිබඳව වග කි...

අප ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ හා බැඳුණු සංස්‌කෘතිය ගැන මේ වැදගත් කරුණු ඔබත් දැනගන්න

Image
බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය ලැබීමට පිට දුන් ශ්‍රී මහා බෝධිය අතිශය සම්භාවනාවට පාත්‍ර වූ වස්‌තුවකි. සංකල්පයක්‌ ලෙස බෝධිය යන්න හැ`දින්වූයේ ඇයි ද යන්න විමසා බැලිය යුතු කරුණකි. පළමුවෙන්ම ආනන්ද බෝධිය හා සම්බන්ධ කතා පුවත බෝධි සංකල්පය ගොඩනැඟීමටත් ව්‍යාප්ත වීමටත් හේතුවක්‌ වූ බව කිව හැකිය. බුදුරජාණන්වහන්සේ දෙවුරම් වෙහෙරෙහි නොමැති අවස්‌ථාවල උන්වහන්සේ හමුවීමට පැමිණෙන බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා ආනන්ද හිමියන්ගේ ඉල්ලීම මත බෝධියක්‌ රෝපණය කරන ලදී. ඒ අනුව එය බුදුරජාණන් වහන්සේගේ ජීවමාන සංකේතයක්‌ තරමට ම එහි වටිනාකම ඉහළ මට්‌ටමක තැබූයේ බුදුන් පමණට ම බෝධිය උසස්‌ බව දැක්‌වීමට ය. එයින් බෝධි වෘක්‌ෂය ඉඳුරාම බුද්ධ සංකේතයක්‌ විය. මෙම බෝධිය තමන් වහන්සේ දෙව්රමෙහි නිබඳ වැඩ සිටීමක්‌ වනබව බුදුරජාණන්වහන්සේ විසින් ද දේශනා කර තිබේ. බුද්ධ පරිනිර්වානයෙන් ශතක කිහිපයක්‌ ගත වනතුරුම කැටයම් වැනි කලා ක්‌ෂේත්‍රයෙහි බුදුරුව නිර්මාණය කර නැත. එසේ කිරීම බුදුරජාණන්වහන්සේට කරන අගෞරවයක්‌ ලෙස කලාකරුවා සලකන්නට ඇත. ඒ වෙනුවට යොදා ගත් සිරිපතුල, ධම්ම චක්‍රය ආදී සංකේත අතරට බෝධි වෘක්‌ෂය ද අන්තර්ගත කර තිබේ. මහා පරිනිබ්බාන සූත්‍රයෙහි සැ...